රේගුව තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර්වලින් ඒවායේ ආනයනකරුවන් නඩු පවරා ඇති කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයා උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.

ඔක්තෝබර් මස 01 වැනිදා අලුයම හතරට රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (27) උදෑසන 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

රියැදුරන් හා සේවක හිඟය පාලනය කර ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට තාවකාලික වීසා නිකුත් කිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය යොමු වී තිබේ.

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

කොවිඩ් එන්නත් ලබා ගත් අවුරුදු 50 ට වැඩි සියලු දෙනාට ඉදිරියේදී තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබා ගැනීමට සිදු වන බව ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මෙම වසරේදී පසුවූ මාස දෙකකට පමණක් පුද්ගලයන් පනස්හයදහස් හාරසිය හයදෙනෙකු (56,406) අලුතින් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් දැනුම් දෙන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති.

ld add copy

Latest News

Connet With Us