රුදුරු වූ රාවණාට ළංවීමත් තහනම් !

Published in පුවත්
Thursday, 09 November 2023 15:43

රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබෙයි.

ඒ මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල හැකිතාක් දිය ඇල්ල සමීපයට යෑමෙන් වළකින ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

රාවණා ඇල්ල යනු ලංකාවේ දියඇලි ලැයිස්තුවේ ඇති තවත් සුන්දර හා ලස්සනම දිය ඇල්ලකි. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයට ආසන්න ඇල්ල වැල්ලවාය මාර්ගයේය.

මෙම රාවණා ඇල්ල තවත් සුවිශේෂ වන්නේ රාවණා පුරාවෘතය සම්බන්ධ කතා රැසක් ඇති බැවිනි. ජනප්‍රවාද අනුව රාවණා රජු සීතා කුමරිය මේ අසල ගුහාවක සගවා තබාගත් බව කියැවේ. එසේම රජු එහිදී රාවණාහත්ත වාදනය කළ බවද කියවේ.

 

-P.M

Last modified on Thursday, 09 November 2023 15:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us