තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මිලියන 78ක් !

Published in පුවත්
Thursday, 09 November 2023 14:25

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ලබා ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා රටහි වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි. දැනට තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත.

මේ නිසා තල් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීම සඳහා මෙන්ම ඉන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් ලබා දීම අරඹා ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය යුද සමයේ උතුරේ තල් ගස් වලින් සියයට 30ක් පමණ විනාශ වූ අතර මේ වනවිට එම ප්‍රමාණයම නැවත වගා කර ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය වසර 4 ඇතුලත අලුතින් තල් ගස් ලක්ෂ දෙකක් රෝපණය කිරීමට පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී ඇත.

මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර එහි ගිය අතර එහිදී තල් ආශ්‍රිතව නිෂ්පාදනය කර තිබු උපකරණ මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය ද ප්‍රදර්ශනය කරනු ලැබීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us