විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ දී අභියෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමේ තීරණය ලබන වසර දක්වා කල් දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

හෙද සේවයේ සියලුම ශ්‍රේණීන්ට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් ගාස්තු 25%කින් වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කර සිටිනවා .

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

ගිනිගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරෙන් බලපෑමට ලක්වූ මීගමුව සිට පානදුර දක්වා වෙරළ තීරයේ ජනතාවට නිසි අවබෝධයකින් අනතුරුව ධීවර කටයුතු සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ගෑස් මිළ ඉහළ යයිද ?

Published in පුවත්
Saturday, 12 June 2021 16:34

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරනවා.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා නීතිය ලබන 21 වැනිදා සදුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ GSP+ සහනය තාවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඊයේ (10) සම්මත කර ගෙන තිබේ.

ld add copy

Latest News

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇ...

Connet With Us