විදුලි සංදේශ සේවාවන්හි 16.5%ක වර්ධනයක් සමග 2020 වසරේ තෙවැනි කාර්තුවේ සේවා අංශය 2019 වසරේ එම කාර්තුවට සාපේක්ෂව 2.1% වර්ධනයක් අත් කරගෙන තිබේන බව වාර්තා වෙනවා.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දෙනු ලැබිණ.

දැදුරු ඔය විදුලි බලාගාරය අද (01) පෙරවරු 10.30 ට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

අසීමිත අන්තර්ජාල සැලසුම් සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කර ඇත.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත ඉතා උසස් තත්වයේ අභ්‍යාස පොත් සතොස ආයතනය හරහා වෙළෙඳපලේ පවතින මිලට වඩා 20% කින් අඩු මිලකට අද සිට පාරිභෝගික ජනතාවට ලබා දීම සදහාත්, දේශීිය සහ විදේශීය වශයෙන් සම්මාන රාශියකින් පිදුම් ලද පරිසර හිතකාමී කාබන් විමුක්ති තේ අපනයන සමාගමක් වන ඔලින්ඩා තේ කොළ නිෂ්පාදන සන්නාමය වෙළෙඳපලේ පවතින මිලට වඩා අඩු මිලට තේ කොළ ලබා දීම සඳහා සමඟ ගිවිසුම් ගත වීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේමෙ කඩු 6000ක් රටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Latest News

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකු...

Connet With Us