පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ ලෝක සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විශේෂ ජාත්‍යන්තර සමුළුව 2023 දෙසැම්බර් 06 වැන් දින පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හීදී පැවැත්වීමට නියමිතය.

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකු පහර දී  පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු කළ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විත්තිකරුවන් දෙදෙනාටම මරණ දඬුවම නියම කළේය.

1981 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගයෙන් පසුව මැතිවරණය පැවැත්වීමට ගත වන කාලය පිළිබඳ දත්ත පාදක පැහැදිලි කිරීමක් පහතින් දැක්වේ.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි තීන්දු කළ ග්‍රේෂ්ඨාධිකරණය තීරණයට අනුව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව ඉදිරියේදී වන්දි නඩු ගොනු කිරීමට ක්‍රියා කරන්නේ යැයි එහි ලේකම් මිලින්ද ප්‍රේමරත්න පැවසීය.

පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්, ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතු බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසුවේය.

අස්වැසුම නව අයදුම්පත් කැඳවීම ද මේ මස ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ld add copy

Connet With Us