තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත .

දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික ශ්‍රේණි අද සිට යළි ආරම්භ වනවා.

“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

වයස අවුරුදු 16 – 19 අතර වයස් කාණ්ඩවල සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීම තෝරාගත් මධ්‍යස්ථානවලදී සාර්ථකව සිදුවනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

සමාජ සේවා විෂයට අදාළ පොදු විෂයන් සහ කාර්යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව අවධාරණය කරනවා.

ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාප සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ.

ld add copy

Connet With Us