ශ්‍රී ලංකාව වෙනුවෙන් නොපැකිළිව පෙනී සිටීනවා - ඉන්දීයානු මහකොමසාරිස්

Published in පුවත්
Friday, 08 December 2023 21:10

දීගු කාලීන මිතුදමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු අවස්ථාවක ඉන්දියාව නොපැකිළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීයානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

සංස්කෘතිය, භාෂාව, ආචාර ධර්ම ආදියෙන් දැඩි සමීප බවක් සහිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අඛණ්ඩ මිත්‍රත්වය සියවස් ගණනාවක් ඈතට දිවෙන බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.

මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කොට වසර සියයක් පිරීම නිමිත්තෙන් සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම ඇතුලු සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ ඒ මහතා එහිදී පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කළේය. දීර් ශ්‍රමය 

ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්වය සංකේතවත් කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලාංජනය නිර්මාණය කර ඇතැයි කී ඒ මහතා දෙරට අතර දැඩි සමීප බව ඉන් නිරූපණය කරන බව ද කීවේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාවට රටවල් දෙකක් වූ නමුත් දෙරටේ ජනතාව දැඩි සමීප බවකින් පසුවන බවත් සංස්කෘතිය, භාෂාව, ආගම, ආහාර ආදිය තුළින් එම සමීප බව මැනවින් නිරූපණය වන බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා, ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්, තැපැල්පති රාජිත රණසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us