ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනපති නැවත තහවුරු කරයි

Published in පුවත්
Friday, 08 December 2023 21:25

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර් යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.

“සෑම කෙනෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක් මැයෙන් වූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.


ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රතිසංධානය, ප්‍රජා සුබසාධනය සහ සංවර්ධනය කේන්ද්‍රකර ගත් ප්‍රධාන කරුණු 06ක් “හිමාලයා ප්‍රකාශනයට” ඇතුළත්ය.


මෙම ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලා සමඟ සාකච්ඡා කරන බවත්, අනෙකුත් ආගමික නායකයින් ද මේ පිළිබඳ දැනුවත් කරන බවත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මෙහිදී සඳහන් කළහ.


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් යුද්ධයෙන් පිඩා විඳී ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය ආර්ථික අර්බුදය හමුවේද මහත් පීඩාවකට මුහුණ දුන් බවයි. නමුත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ඉන්ධන පෝලීම්වල මාස කිහිපයක් පමණක් මුහුණ දුන් කටුක අත්දැකීම්වලට උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.


නව රටක් ගොඩනැගීමේ දී නව ආර්ථිකයක් අවශ්‍ය බවත් එහිදී “හිමාලයා ප්‍රකාශනය” වැනි ප්‍රකාශන වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එකමුතුකම සහ ස්ථාවරත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවද පැවසීය.


උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනයට බලපෑ ගැටලු විසදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රගතියක් ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද කරුණු පැහැදිළි කළේය.


උතුරු නැගෙනහිර සහ වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම එම පළාත් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. ඒ අනුව පුනරින් නගරය ඉදිරියේදී පුනර්ජනීය බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදි ප්‍රසාදය පළ කළ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් ඊට තම පුර්ණ දායකත්වය ලබාදෙන බව සඳහන් කළහ.

එමෙන්ම “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ එළිදැක්වීමට ලැබීම පිළිබඳව ද ඔවුහු සිය සතුට පළ කළහ.


යහපත් ශ්‍රි ලංකාවක් සඳහා වූ සංඝ සංසදය නියෝජනය කරමින් අමරපුර නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය මාදම්පාගම අස්සජිතිස්ස ස්වාමින් වහන්සේ, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝ නායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමින් වහන්සේ, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සහ සිරි ධර්මරක්ෂිත පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය කිතලගම හේමසාර නායක ස්වාමින් වහන්සේ, වජිරවංස පාර්ශ්වයේ වැඩබලන මහානායක මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රත්නසාර ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ හිටපු සාමාජික මානව සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති පූජ්‍ය කලුපහන පියරතන ස්වාමින් වහන්සේ, මධ්‍යම පළාතේ පාතදුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාරම්පනාවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වාද්දුවේ ධම්මවංශ ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
ගෝලිය ද්‍රවිඩ සංසදය නියෝජනය කරමින් එක්සත් රාජධානියේ සුරේන් සුරේන්දිරන්, භවාන් භවකුගන්, වේලුපිල්ලෙයි කුගනේද්‍රන්, ඕස්ටේලියාවේ ආචාර්ය කන්නප්පර් මුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසිංගම්, ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය ජෙයරාජා යන මහත්ම මහත්මීහු මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Last modified on Friday, 08 December 2023 22:12

Leave a comment

 

ld add copy

Gossip

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය...

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉ...

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු,  දැන් වියරුවෙන්.

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු, දැන් වියරුවෙන්.

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ග...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us