ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගේනවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය තානාපති කාර්යාලය වෙත භාර ගත් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළා.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දීර්ග කරුණ දැක්වීම් සහිත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බවට ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට සහතික වී තිබේ.

2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවදුරටත් සම්බන්ධ වී සිටින අතර තුර කණ්ඩායමේ අසාර්ථකත්වයන් පෙන්වා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ගත් පියවර විවාදයට තුඩු දෙන්නක් බවට පත්ව තිබේ.

ld add copy

Connet With Us