ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනය කිරීමට අදාළව ඩොලර් මිලියන 44ක් වටිනා ණයවර ලිපි විවෘත කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ප්‍රධාන නියෝජිතයින් සමඟ ඊයේ ( 18) වොෂින්ටන් ඩීසී හි IMF මූලස්ථානයේ දී හමු වී තිබේ.

තවලම සහ මීගමුව ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකක් මඟින් පාරිභෝගිකයන්ට ඉන්ධන අලෙවි නොකර සඟවා තබා ගැනීම හේතුවෙන් එම පිරවුම්හල් වෙත ඉන්ධන සැපයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දෙනවා.

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල දරුණු ලෙස ඉහළ යෑමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද ඩොලරයකට නීත්‍යනුකූල නොවන මාර්ගවලින් මේ දක්වා ගෙවූ රුපියල් ප්‍රමාණය ඊයේ (11) වන විට ශීඝ්‍ර පහත වැටීමකට ලක්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කළේය.

පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.

ld add copy

Connet With Us