මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පාසල් සිසුන් සඳහා දියර කිරි වෙනුවට වස විසෙන් තොර දේශීය සහල් සහ ධාන්‍ය මුසු පෝෂණීය කැඳ දීමට රජය සැරසෙයි.

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් මෙම 21 වැනිදා පාසල්වලට වාර්තා කිරීම මත යැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමේ සියලු කටයුතු මේ වනවිට අවසන් කොට ඇති බවත්, මේ වසර අවසානය වනවිට එය රට හමුවේ තැබිය හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.

මේම මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සදහන් කර තිබේ.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකා සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

ld add copy

Connet With Us