තැපෑලෙන් ලබන ආදායමෙන් 54%ක් උපයන්නේ බස්නාහිර පළාතෙන් -බන්දුල

Published in පුවත්
Monday, 08 January 2024 11:55

තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54%ක් උපයන්නේ බස්නාහිර පළාතෙන් බවත්, ඊට සමගාමීව නැඟෙනහිර පළාතෙන් උපයන ආදායම ද 10%ක ඉලක්කයක් දක්වා වැඩි කළ යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මඩකලපුවේ ඉදි කරන ලද නැඟෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි 45ක ආයෝජනයකින් ඉදි කළ මේ පස් මහල් තැපැල් පරිපාලන සංකීර්ණයේ නැඟෙනහිර නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය, ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය, දිසා පාලන නිලධාරී කාර්යාලය, දිසා ගණකාධිකාරී කාර්යාලය සහ තැපැල් අභ්‍යාස ආයතනය ඇතුළු අංශ රැසක් ස්ථාපනය කර ඇත.

''රටට සැබවින්ම ආදරය කරන දේශපාලන නායකයකු නම් මේ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදු කරගෙන යෑමට දිවුරා පොරොන්දු විය යුතුයි. එසේ නොවුණොත් සති දෙකකට වඩා වැඩි කාලයක් රජයක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන්නේ නෑ. එම නිසා ඉතාමත් කැපවීමෙන්, මහන්සියෙන් ජනාධිපතිවරයා ඇතුළු රජය සකස් කරගෙන තිබෙන මේ වැඩපිළිවෙළින් මේ වසරේ රටේ සංවර්ධනයේ අලුත් ආරම්භයක් ඇති වෙනවා. ඒ අනුව මේ වන විට රටේ සියලුම ප්‍රදේශවල අතරමඟ නතරවී ඇති මාර්ග සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා. ග්‍රාමීය මාර්ගවල සංවර්ධනයට රුපියල් ලක්ෂ 500ක්‌ වෙන් කර තිබෙනවා. මේ වසරේ මාර්ග කිලෝමීටර් 1500ක්‌ කාපට් යොදා සංවර්ධනය කිරීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් සියයට 54ක්‌ මේ වන විට උපයන්නේ බස්නාහිර පළාතෙන්. ඊට සමගාමීව නැඟෙනහිර පළාතෙන් උපයන ආදායම ද සියයට 10ක ඉලක්කයක් දක්වා වැඩි කළ යුතුයි. ඒ ඉලක්කය වෙත ළඟාවීමට මේ වසරේ නැවත වරක් රට වැඩ කරන රටක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා.”

-P.M

Last modified on Monday, 08 January 2024 11:59

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us