අඩු ආදායම්ලාභීන්කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වනවිට පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” සමුළුව වෙනුවෙන් විශේෂ යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීන්දු කර ඇත.

අදත් වැසි !

Published in පුවත්
Tuesday, 28 November 2023 09:42

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් තමන්ව ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ld add copy

Connet With Us