ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගෙනයන ක්‍රියාදාමය ඉතාම යහපත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

සිරිපා වන්දනා සමය තුළ සිදු කළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා ඉදිරි වසරේ සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පැවැසීය.

කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම අද සිට පෙර පරිදිම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 3ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us