අදත් මහවැසි - මැණික් ගඟත් පිටාර ගලයි

Published in පුවත්
Wednesday, 10 January 2024 10:11

අද (10) දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියව ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පොළොන්නරුව - මඩකලපුව මාර්ගය ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට ගල්ලෑල්ල පාළම අසලින් අඩියක පමණ ජල මට්ටමක් පොළොන්නරුව - මඩකලපුව මාර්ගය හරහා පවතින බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය නැවත දැනුම්දෙන තුරුවසා තැබීමට පියවර ගත් බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර මැණික් ගඟ පිටාර ගැලීමෙන් ඇතිවු ගංවතුර තත්ත්වයත් සමඟ යාල වනෝද්‍යානයේ තිස්සමහාරාම, පලටුපාන ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේ, සංචාරක බංගලා 06ක්ද මේ හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බවය.

මේ අතර බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය හාලිඇළ හතේ කණුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ඊයේ (09) රාත්‍රී මාර්ගයට පස් කන්දක් නායයෑම හේතුවෙන් එය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බවය.

මාර්ගයට වැටී ඇති පස් ඉවත් ක්රීමේ කටයුතු අද (10) අලුයම 12.30ට පමණ නවතා දැමීමට කටයුතු කළ බව එම මධ්‍යස්ථානය පවසයි.

විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති හෙයින් අද දිනය තුළද එය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි වනු ඇති බව සඳහන්ය.

විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල ඇටැම්පිටිය මාර්ගය සහ දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගය භාවිත කළ හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් 300ක පමණ පිරිස පැමිණෙන බවට වාර්තා බව බව ද සඳහන්ය.

මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us