නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම (09) හෙට

Published in පුවත්
Monday, 08 January 2024 09:55

හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සදහන් කරයි.


ඒ අනුව හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතය.


අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් 08 දින පවත්වා කල්තබන ලද විවාදය ජනවාරි මස 10 වැනිදා දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා විපක්ෂයය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාව විවාදය පැවැත්වීමට නියමිත අතර පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 12 වැනි සිකුරාදා කාලය වෙන්කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us