ආහාර සුරක්ෂිතාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ 2022 යල කන්නයේ අතහැර දමා ඇති කුඹුරු ඉඩම් තුළ අතිරේක ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් දියත් කර ඇත.

ඔප්පුවක් නොමැති ලක්ෂ ගණනක් වූ ජනතාවට ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩලවල නිවාඩු ජුලි මස (06) වනදා සිට (15) දක්වා අත්හිටුවා තිබේ.

ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ලබා දෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහය විය හැකි බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබේ.

ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන් ට, ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දිමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

“සැමට හිමි බිමක්” වැඩපිළිවෙල යටතේ ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ වැඩසටහන අද උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ විය.

ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.

සමීප මිතුරෙකු ලෙස උද්ගත ව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra)  පවසයි.

පෙර සුදානම ඇත්නම් බොහෝ දේ වළක්වා ගත හැකි බව අප සැවොම දන්නා කරුණකි.එහෙත් එය දැන දැනම බොහෝ තැන් වරදින්නේ එය ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නැති වූ විටෙකය..ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයක ඉගි මේ වන විටත් පහළ වී හමාරය..එසේනම් තවත් බලා නොසිට ඒ සදහා දියත් කළ ක්‍රියාමාර්ග ,වැඩසටහන් පිළිබදව ආණ්ඩුව මේ වන විටත් අවදානය යොමුකර තිබීම ප්‍රශංසනීයය..

ld add copy

Connet With Us