රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (14) සිට අද (15) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඉතිහාසයේ පළමු වතාවට රුපියල් කෝටි 1600ක් වටිනා දුම්රිය එන්ජින් 20ක් ඉන්දියාවෙන් මෙරටට ත්‍යාගයක් වශයෙන් ලැබී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ.

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය (15) අදයි .

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ld add copy

Connet With Us