ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල වාර්තා වී තිබෙන දැනට භාවිතා කරන එන්නත් වලටද ප්‍රතිචාර නොදක්වන A 30 ප්‍රභේදය මෙරටට ද ඇතුල් වීමේ අවදානමක් තිබෙන අතර එසේ වුවහොත් ඉතා ව්‍යසනකාරී තැනකට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පිරිස් සඳහා බූස්ටර් එන්නතක් ලබා දීම අද සිට ඇරඹුණා . ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය‍ය මණ්ඩලවලටයි මෙම බූස්ටර් එන්නත පළමුවෙන්ම හිමි වුයේ.

වසර හයකට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර යළි සෘජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ .

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමඟ සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

අවුරුදු 30ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව සෞඛ්‍ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් !

වරාය, ඉන්ධන, ප්‍රවාහන, බැංකු ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (29) මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

note 1note 2

ld add copy

Latest News

Connet With Us