එම නිසා ගම්මාන 86ක් තෝරාගෙන තැඹිලි පැළ 45,000ක් වගා කිරීමේ යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මේ වැඩසටහනට අනුව තැඹිලි පැල හා තාක්ෂණික දැනුම නොමිලයේ ලබා දීමට නියමිතය.
ඒ අනුව මොනරාගල ගම්මාන 03ක්, මාතර 01ක්, කුරුණෑගල 08ක්, කුලියාපිටිය 09ක්, කෑගල්ල 08ක්, ගම්පහ 09ක්,කළුතර 10ක්, මාරවිල 09ක්, රත්නපුර 04ක්, හම්බන්තොට 08ක්, අනුරාධපුර 02ක්, ත්‍රිකුණාමලය 02ක්, පොලොන්නරුව 02ක්, අම්පාර 02ක්, මාතලේ 04ක්, ගාල්ල 08ක්, මඩකලපුව 02ක්, යාපනය 03ක්, මහනුවර 04ක් සහ යාපනය ද වශයෙන් ගම්මාන 86ක් මෙම වැඩ සටහනට තෝරාගෙන තිබේ.