පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද ආරම්භ විය.

අමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේන අතර ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය.

ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයන්ට ලබන නොවැම්බර් 15 වැනිදාට ප්‍රථම අදාළ ආයතනවලට වහාම පත්වීම් ලබා දෙන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට ඊයේ (25) උපදෙස් දුන්නේය.

ලංකා සතොස ආයතනය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා

ld add copy

Connet With Us