අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සියලු වෘත්තීය සමිති නියෝජිතයින් කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සති අන්තයේදී අවසන් තීරණයක් ගැනීමට සැලසුම් කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහ සම්මේලනය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබේ.

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බැවින් ඒ පිළිබදව විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ.

කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ පවසයි.

ld add copy

Connet With Us