අයි එම්. එෆ් ගිවිසුමවත් නොදන්න විපක්ෂයට ආණ්ඩු කරන්න බැහැ - බන්දුල  

Published in පුවත්
Thursday, 14 March 2024 12:29

අයි.එම්.එෆ්. ගිවිසුම හරියාකාරව නොතේරීම නිසා විපක්ෂයට කිසිසේත්ම රට ආණ්ඩු කරන්න බැරි බව මේ වන විට ඔප්පු වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

නමුත් මෙම තත්ත්වය පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක්, ප්‍රාමාණික දැනුමක් සහිත ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස් වැනි විද්වතුන් විශාල අරගලයක් කරමින් විපක්ෂ නායකවරයා වෙත මේ පිළිබඳ කරුණු අවබෝධ කර දීමට කොතරම් උත්සාහ දරුවත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මේ මොහොතේ අවබෝධ කරගත යුතු තත්ත්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය නැතිව කවුරුන් විසින් ආණ්ඩු බලය හිමි කර ගත්තත් රට මේ පවතින තත්ත්වයෙන් දශමයක් හෝ ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම රජය විසින් එකඟ වී අත්සන් තබා ඇති ගිවිසුම් එකඟතාවලින් තොරව ඉදිරියේ දී කවුරුන් විසින් ආණ්ඩුවක් පිහිටුවූවත් ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් සංවිධානවල සහයෝගයෙන් තොරව කිසිවකුටත් රජයක් පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේ කරුණු පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සිදු කර නැති අයකුට රටේ ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවද රට ගොඩ ගත නොහැකි බවද රටේ ප්‍රශ්න හඳුනාගත නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම වසරේදී මෙරට පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ සංවිධාන කටයුතු පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us