මෙරට සහ කොරියා ගුවන් සේවා එක්ව තවදුරටත් ගුවන් ගමන් පුළුල් කිරීමට පියවර

Published in පුවත්
Thursday, 14 March 2024 12:22

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.


2024 මාර්තු 15වැනිදා සිට ක්‍රියාත්මකමෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ කොළඹ සහ සෝල් (Seoul) අතර ගමන් කරන ගුවන් මගීන්ට ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ.
“ශ්‍රීලංකන් ගුවන් සේවය කොරියානු ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි, කොළඹ සහ සෝල් අතර සම්බන්ධතාව ඉහළ නැංවීමට හැකිවීම ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙමඟින් නගර දෙක අතර මගී ගමනාගමනය ගුවන් සමාගමට ලාභදායී ආකාරයෙන් වර්ධනය කර ගැනීමට සහ මගීන්ටශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගැනීමට ද උපකාරී වනු ඇත. ” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල්(Richard Nuttall) මහතා පැවසී ය.
මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ ශ්‍රීලංකන් ගුවන්සේවයේ ගුවන් යානාවලින් සෝල් (Seoul) ඉන්චියොන් (Incheon) වෙත ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින්සිංගප්පූරුව හරහා කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ද ගමන් කළ හැක. එමෙන්ම කොරියානු ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින්ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් සෝල් ඉන්චියොන් , සිංගප්පූරුව, චෙන්නායි සහ මාලේ වෙතද ගමන් කළ හැකිය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට ඉන්චියොන් දක්වා සතියකට දෙවතාවක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, මෙම නව හවුල්කාරීත්වය නිසා සතියේ සෑම දිනකම කොළඹ සිට සිංගප්පූරුව හරහා සෝල් ඉන්චියොන් වෙත යෑමට හැකියාව ලැබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ චෙන්නායි අතර හා කොළඹ සහ මාලේ අතර දිනකට ගුවන් වාර තුන බැගින් සිදුකරන අතර කොරියානු ගුවන් සේවයට අයත් මඟීන්ට ද මෙම ගුවන් යනා මඟින් තම ගමනාන්ත වෙත යෑමට හැකි වීම ඉමහත් පහසුවක් වනු ඇත.
නව හවුල්කාරිත්ව (codeshare) යටතේ ක්‍රියාත්මක ප්‍රවේශපත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ කොරියන් ගුවන් සේවයේ හි මාර්ගගත මිලදී ගැනීමේ පහසුකම ඔස්සේ සහ විකුණුම් කාර්යාල හරහා මෙන්ම සංචාරක නියෝජිතායතන හරහා ද මිල දී ගත හැකිය.
ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය අතර මෙම හවුල්කාරීත්වය (codeshare) ආරම්භ කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පැවතෙන සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකිය හැකිය. සහයෝගිතාව හා ගුණාත්මක සේවාවක් මඟින් සිය ගුවන් මගීන් සඳහා සුවපහසු සංචාරක අත්දැකීම් ලබා දීම ගුවන් සමාගම් දෙකහිම අරමුණ වේ.


-දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us