ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග හදිසි ණය ප්‍රදානයක් සම්බන්ධයෙන් මූලික, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනනාවක් බලාපොරොත්තු තබාගෙන සිටියේ රනිල්ට එරෙහිව විශාල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළැඹීමටය.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කෙරෙන පරිදි සංශෝධන සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ඉදිරිපත් කරුණු ,ලැබු අය වැය යෝජනා තාක්ෂණික කරුණු ඇතුළත්ව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන රාජ්‍ය මූල්‍ය උපක්‍රම සඳහන් අයවැයක් බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා.

විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා .ඒකට අපි විරුද්ධ වෙන්නේ නෑ. එත්, විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.''යයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපන් ජනතාවගේ ප්‍රදානයක් ලෙසින් මෙට්‍රික් ටොන් 2000ක වටිනාකමින් යුතු ආහාර තොගයක් ශ්‍රී ලාංකීය ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා විසින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ ( 29) භාර දෙන ලදී.

විදේශ ආයෝජනයකින් සිදුවන්නේ මෙරට සම්පත් වෙනත් රටකට විකිණීම බවට මිනිසුන් බිල්ලෙක් මවාගෙන සිටින බවත් එම බිල්ලාගෙන් අප කෙසේ හෝ ගැලවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (29) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් පවසා සිටියේය.

කබීර්ට වෙච්ච වැඩේ

Published in පුවත්
Monday, 29 August 2022 13:43

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේ දී විදුලි බල මණ්ඩලය දිගින් දිගට ම පාඩු ලැබීමට හේතුවක් ලෙස විදුලි බල මණ්ඩලයේ අධික සේවා නියුක්තිය ගෙන හැර දැක් වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඒ සඳහා චෝදනා කර තිබිණි.

ld add copy

Connet With Us