අපහාස කිරීම නිසා රේනෝ මහේෂි ගෙන් වන්දි ඉල්ලයි . වන්දිය බිලියන 20 යි - ගෙව්වේ නැත්තම් නඩු

Published in පුවත්
Saturday, 16 March 2024 08:37

මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක සභාපතිවරයෙකු වන රේනෝ ද සිල්වා විසින් රංගන ශිල්පිණි මහේෂි මදුසංකාට එන්තරාවාසියක් යොමු කර තිබෙනවා.

මෙලෙස එන්තරාවාසියක් යොමුකර ඇත්තේ, අදාල මාධ්‍ය ආයතනයට හා එහි සභාපති වන තමනට අපහාස කරමින් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන දහයක් බැගින් බිලියන 20ක වන්දියක් ඉල්ලමින් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

නියම කරන ලද දින ගණන ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත් ඔහුගේ නීතිඥ සමාගම විසින් දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

එකී මාධ්‍ය ජාලය විසින් පසුගියදා අවුරුදු කුමාර කුමරිය සදහා තෝරාගැනීම් වට සිදු කළ අතර එහිදී එක් තරගකරුවෙකු සමාජමධ්‍යතුල අපහසුවට ලක්වන අයුරින් එම මාධ්‍ය ආයතනය විසින් ඔහුගේ වීඩියෝවක් සංස්කරණය කරමින් මුදාහළ බවටයි රංගන ශිල්පිණි මහේෂි මදුසංකා තම මුහුණු පොත හරහා ඒ පිළිබදව එම මාධ්‍ය ආයතනය විවේචනය කරමින් කියා සිටියේ.

කෙසේ හෝ එම වීඩියෝ වෙහි පෙනී සිටින තරුණයා ලයිව් වීඩියෝ වක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රශ්නය දුරදිග ගෙනයාම තමන් අපහසුවට පත් වන්නක් නිසා මෙය කිසි සෙත් තමන් දුරදිග ගෙන නොයන බවය..තමන් යම් අදහසක් පමණක් ප්‍රකාශ කළ බවත් එහෙත් රංගන ශිල්පිනි මහේෂි මදුසංකා පවසන පරිදි මේ හේතුවෙන් තමන් කිසිදු විටක තම ජිවිතයට හානියක් කර ගැනීමට කිසි සෙත් නොසිතන බවත් තමන් මෙම ප්‍රශ්ණයෙන් ඉවත්වන බවත් ඔහු පවසා තිබුණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us