ගිය වසරට වඩා සංචාරකයන්ගේ පැමිණීම තෙගුණයක වැඩිවීමක්
මෙම වසරේ (2022) මුල් මාස 08 තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 496,430 ක් වන අතර එය පසුගිය වසරට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක. වර්ධනයත් බව වාර්ථා වේ.
ශ්‍රි ලංකාවේ ජනමාධ්‍ය කටයුතුකරන වගකීම් විරහිත භාවය නැවැත වරක් පෙන්නුම් කරමින්, විස සහිත හාල් ලංකාවට ගෙනා බවට ඉරිදා මව්බිම හා ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර මහතා පෙන්වා දෙයි.
කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමයෙන් ඩො.මි. 23 ක් හා යු.මි. 18.75 ක ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) මහතා පවසයි.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 27ක් පාසල්වල ප්‍රාථමික අංශවල පාසල් දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙළකට ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කෙරේ
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
2022 ජූලි මාසයට අදාළව නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.
ප්‍රචණ්ඩකාරීන්ට, නීතිය ක්‍රියාත්මක කරන්න පසුබට වන්නේ නැහැ. ජිනීවා ගිහිනුත් කියයි.
ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාවලින් අවසන් වන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා
වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස විපක්ෂය සහ සිවිල් සංවිධාන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලීමක් කොට ඇත. ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හි දී (11) පැවැති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම කර තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.