බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවයි - සුහද මාරු පමණයි

Published in පුවත්
Tuesday, 19 March 2024 09:46

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර සුහද ස්ථාන මාරු පමණක් ක්‍රියාත්මක කරන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

"දැන් ආණ්ඩුකාරතුමා කිව්වේ, පළමුවෙන්ම mutual transferවලට ඉඩ දෙනවා. කැමති කැමති අයට ලබාදෙනවා. දෙවැනි එක මාරුවීම් ඉල්ලුම් කරලා තියෙන අයට පුරප්පාඩු තියෙන තැන්වලට යන්නත් සර්කල් එකක් නේ තියෙන්නේ. ඒක කැමති නම් ඒකට ඉඩ දෙනවා. ඒකේ කවුරු හරි අකමැති නම්, ඇපීල් කෝට් එකක් දානවා. ඒක දාන්නේ අමාත්‍යාශයෙන්. හැබැයි තේරුම් ගන්න මේවා එකක්වත් ආණ්ඩුව හෝ පළාත් සභා ආණ්ඩුකාරතුමාගේ උවමනාව මත කරන ඒවා නෙමෙයි. වෘත්තීය සමිතිවලින් මේවා කරන්නේ. ඒවායේ ඉන්නේ ඔයගොල්ලන්ගේම අය. ඒ අය ඔයාලට එකක් කියනවා පිටට එකක් කියනවා. එතකොට මිනිස්සු ආණ්ඩුව එක්ක කලකිරෙනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us