අප්‍රේල් 05 සිට 15 වැනි දා තෙක් හිරු මුදුන්ව පවතින බැවින් උණුසුම තවත් ඉහළට

Published in පුවත්
Tuesday, 19 March 2024 09:30

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයට අනුව, වයඹ, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත්විය යුතුවේ.

ඊට අමතරව, මොණරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එම ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර බස්නාහිර සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක අද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ලබන 22 වැනි දා සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් එය පවතින උණුසුම් කාලගුණය පහව යාමට තරම් බලපෑමක් නොවන බව ඔහු පැවසුවේ ය.

අප්‍රේල් 05 වැනි දා සිට 15 වැනි දා තෙක් හිරු මුදුන්ව පවතින බැවින් උණුසුම ඉහළ යා හැකියි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us