කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹේ

Published in පුවත්
Tuesday, 19 March 2024 09:25

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහනධීර සඳහන් කළේ, අද (19) සහ හෙට (20) දිනවවල එම විවාදය පැවැත්වෙන බවය.

අද (19) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම තුළ කථානායකවරයාගේ හැසිරීම පිළිබඳව විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට එරෙහිව මෙම විස්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබේ.

ඒ අනුව අද සහ හෙට ඊට අදාළ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණි.

හෙට විවාදය අවසානයේ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

මේ අතර ඡන්ද විමසීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාව ඇමතීමට බලාපොරොත්තු වන බවත්, විශ්වාසභංග විවාදයේදී ඔහු මුලසනට නොපැමිණෙන බවත් කථානායක කාර්යාලය ප්‍රකාශ කළේ ය.

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

 -P.M

Last modified on Tuesday, 19 March 2024 09:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us