මෛත්‍රීගේ ඉල්ලීමට මෝදිගෙන් සහාය

Published in පුවත්
Monday, 18 March 2024 15:34

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සිදු කරන ලද ඉල්ලීමක් මත අතරමග නවතා දැමු කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් නැවත පටන්ගැනීමට සහය දක්වන බව ඉන්දියානු අගමැති පවසා තිබේ.

ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත මෙම පාසලේ වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 250ක් ඉන්දියානු රජයෙන් ලබාදෙන බවට දැනුම්දෙන ලදී.

මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිධුරයට පත් වූ පසු ඉන්දියාවේ සිදු කරන ලද පළමු නිළ සංචාරය අතරතුරදී මෙම ඉල්ලීම කර තිබේ.

පවතින රජයෙන් කිහිප විටක්ම මෙම පාසලේ වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලීම් කළත් ඒ සඳහා සුබදායී පිළිතුරක් නොලැබ තිබිණ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මැතිතුමාගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක් මත එම ත්‍රෛභාෂා ජාතික පාසලේ වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පාසලේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියොජ්‍ය මහ කොමසාරිස් එල්දොස් මැතිව් පුන්නූස් මැතිතුමා සහ රජයේ නිලධාරීන්  නිරීක්ෂණය චාරිකාවක් සඳහා එක්විය.

WhatsApp Image 2024 03 18 at 15.18.21 46c5d702

WhatsApp Image 2024 03 18 at 15.18.21 e4381c45

WhatsApp Image 2024 03 18 at 15.18.23 dd88e8ce

Last modified on Monday, 18 March 2024 15:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us