අපරාධ කරන පොලිස් ලොක්කන්ව දේශබන්ධු ලුහුබඳියි

Published in පුවත්
Monday, 18 March 2024 12:53

සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ යාන්ත්‍රණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ඇතුළු සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සොයාබැලීමේ නව වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වන අතර, ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

පුවත්පතක් වෙත අදහස් දක්වමින් පොලිස්පති තෙන්නකෝන් පවසා ඇත්තේ, එවැනි සබඳතා ඇති බවට හඳුනාගත් නිලධාරීන් කිහිපදෙනකු මේ වන විටත් වෙනත් අංශ වෙත ස්ථාන මාරු කර ඇති බවයි.

විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙවැනි විෂමාචාර ක්‍රියා නිසා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දියත්කර ඇති මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන ක්‍රියාදාමයට බාධාවක් විය හැකි බැවින්, එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කර ඇත.

එවැනි සිදුවීම් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් තවමත් සිදුවෙමින් පවතින බව පවසන පොලිස්පතිවරයා, පසුගිය මාස කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ බවත්, අනෙක් අය වෙනත් ස්ථාන වලට මාරු කළ බවත් සඳහන් කර තිබේ.

ආන්දෝලනාත්මක, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව මීට පෙර වාර්තා විය.

එම වාර්තාවලට අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යැයි සැක කරන එක් නිලධාරියකු සහ තවත් CID නිලධාරීන් දුසිමක් පමණ හරක් කටා සමඟ ඇති බව කියන සම්බන්ධතා සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමීපව විමර්ශනය කරමින් සිටී.

Last modified on Monday, 18 March 2024 12:57

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us