වියළි කාලගුණය අද දිනටත්- පාසල් ක්‍රීඩා උළෙලවලුත් තහනම්

Published in පුවත්
Sunday, 17 March 2024 08:07

අද (17) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින්ද මඩකළපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්ද හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.
සුළං වේගය පැ.කි.මී. (15-30) පමණ වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වේ.

මේ දිනවල පවතින උෂ්ණත්වය සැළකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සියළුම පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව එම උත්සව පවත්වන ලෙස තමා අදාල බලධාරීන්ට දැනුම්දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

-P.M

Last modified on Sunday, 17 March 2024 08:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us