කැනඩාවේදී අමානුෂිකව ඝාතනය වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද

Published in පුවත්
Sunday, 17 March 2024 08:13

කැනඩාවේ ඔටාවාහීදි ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, අද (17) සිදුකිරීමට නියමිතව තිබේ.

කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය, ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ දායක සභාව හා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහයෙන් එම කටයුතු සිදුරෙනු ඇති.

කැනඩාවේ ඔටාවාහි බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු පසුගියදා ඝාතනය විය.

එලෙස ඝාතනයට ලක් වූයේ කුඩා ළමුන් 4 දෙනෙකු ඔවුන්ගේ මව හා තවත් ශ්‍රී ලාංකිකයෙකි.

මියගිය දරුවන්ගේ පියා සිද්ධියෙන් තුවාල ලැබුවේය‍

ඝාතන සම්බන්ධයෙන් සැකපිට 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගැණිනි.

විදෙස් වාර්තා පැවසුවේ අදාල තරුණයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අතර නඩු විභාගය ලබන 28 වැනිදා යළි කැඳවීමට නියමිත බවයි.

ඝාතනවලට නිශ්චිත හේතුව සැකකරු තව දුරටත් හෙළිදරව් නොකළ බව ද, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us