ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර ඉල්ලු තමිල්නාඩු රජයේ ඉල්ලීම ඇමති ඩග්ලස් ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Wednesday, 06 March 2024 08:08

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.


ඔහු සඳහන් කළේ, තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා රාධා ක්‍රිෂ්ණන්දුරකතන සංවාදයකදී මෙම ඉල්ලීම කළ බවය.

දෙරට අතර ධීවර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් සීමිත කාලයකට සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වීමට අවසර දෙන්නැයි තමිල්නාඩු ධීවර අමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී ඉල්ලීමක් කර තිබේ.

ඩග්ලස් දේවානන්දා සඳහන් කළේ, මෙරට මුහුදට ඉන්දීය ධීවරයින් ඇතුළු වීම නතර කරන බවට තමිල්නාඩු රජය සහතික වීමෙන් අනතුරුව පමණක් ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ හැකි බවයි.

මේ අතර ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කරන්නැයි ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.

අවසන්වරට ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ 2022 වසරේ මාර්තු මාසයේදීයි.

මෙරට මුහුදු සීමාවට දෙවැනි වරටත් ඇතුළු වීම හා GPS උපකරණ භාවිත කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම යන චෝදනා දෙකකට වරදකරුවන් වූ ඉන්දීය ධීවරයින් 5කට අධිකරණය පසුගිය දා සිර දඬුවම් නියම කළේ ය.

ඉන් අනතුරුව තමිල්නාඩුවේ රාමේෂ්වන් ඇතුළු විවිධ ප්‍රදේශවල ධීවරයින් විරෝධතා ආරම්භ කළ අතර යාපනයේ ධීවරයින් පසුගිය සෙනසුරාදා ඉන්දීය මුහුදු සීමාව අසළට ගොස් කලු කොඩි ඔසවා විරෝධතාවක නිරත විය.

මේ අතර ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසුවේ, මෙරට ධීවරයින්ගේ විරෝධතා හේතුවෙන් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ අඩුවක් දැකිය හැකි බවයි.

කෙසේ වෙතත් වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 88කට හා යාත්‍රා 12ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.

-P.M

Last modified on Wednesday, 06 March 2024 08:09

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us