ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී සඳුදා (11) දින පැවැත්වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූයේ ණය පිළිබඳ ආණ්ඩුව සිදු කරන සාකච්ඡා වලට විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කර ඇති අතර ඒ අනුව මෙම සාකච්ඡාව කැඳවීමට කටයුතු කළ බවයි.
ප්‍රධාන විපක්ෂය ඇතුළු සියලු පක්ෂ නායකයන් කැඳවා ඔවුන්ගේ අදහස් ගෙන එම අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා අනතුරුව මූල්‍ය අරමුදල ලබාදෙන අවසාන තීන්දුව අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ යැයි කීය