මහ බැංකුවේ පඩි වැඩිවීම සාධාරණයි - ලංකා බැංකු සේවක සංගමය Featured

Published in පුවත්
Friday, 08 March 2024 12:32

මෑතකදී සිදු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම අනුමත කරන බව ලංකා බැංකු සේවක සංගමය (CBEU) පවසයි.

රජයේ නව බදු ප්‍රතිපත්තියෙන් එල්ල වන බලපෑම් හමුවේ බැංකු අංශයේ සේවකයන්ට වැටුප් වර්ධක හිමිවන බව ද ඔවුන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මූල්‍ය විශේෂඥයින් සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පුද්ගලයින් සිටින රටේ ප්‍රධානතම මූල්‍ය ආයතනය වීම නිසා එවැනි තීරණ ගැනීමට සාධාරණ හේතු ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය සම්බන්ධයෙන් කිසිවෙකුටත් චෝදනා කළ නොහැකි බව CBEU සභාපති චන්න දිසානායක සඳහන් කරයි.

වැටුප් සම්බන්ධ ගැටළු හෝ වෙනත් ගැටළු හේතුවෙන් එහි නිලධාරීන් 100ක් පමණ රටින් හෝ මහ බැංකුවෙන් පිටව ගොස් ඇති පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාර ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙනවා දුන්නේ ඔවුන්ගේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමේ වගකීම එහි පාලක මණ්ඩලයට ඇති බවය.

මහ බැංකුවේ තීරණය විවේචනය කරන බොහෝ පාර්ශ්ව රජයේ දැඩි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බැංකු ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනා නොගන්නා බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හැසිරීම සහ ආකල්පය පිළිගත නොහැකි බවත් චන්න දිසානායක පවසයි.
“පාර්ලිමේන්තුව මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය අපි සංගමයක් ලෙස පිළිගන්නේ නැහැ. අදාළ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලය මහ බැංකුව ක්‍රියාත්මක කර ඇති විට ඒ ගැන විමසීමට පාර්ලිමේන්තුව මහ බැංකුවේ නිලධාරීන් නොකැඳවිය යුතුව තිබුණා යැයි අපි සිතමු,” ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය සේවකයින්ගේ වැටුප් 70% කින් වැඩි කර ඇති බව මාධ්‍ය වාර්තා අනාවරණය කළ අතර, එම පියවර ආණ්ඩු පක්ෂ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර, ඉන් අනතුරුව මහ බැංකු නිලධාරීන් අමාත්‍ය මණ්ඩලයට, පක්ෂ නායක රැස්වීමට සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබිණි.

කෙසේ නමුත් පසුගිය පෙබරවාරි 25 වැනි දින, වැටුප් වර්ධක සම්බන්ධයෙන් සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මහ බැංකුව, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2024-2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ සිය සේවකයන්ගේ නවතම වැටුප් සංශෝධනයට පාලක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බව පැහැදිලි කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us