ශිව දෙවියන්ට ප්‍රිය වූ එක් රාත්‍රිය '' මහා ශිව රාත්‍රිය'' අදයි ..අද රාත්‍රියේ පුද පූජා කළොත් ආනිසංස රැසක්

Published in පුවත්
Friday, 08 March 2024 08:30

ලොව පුරා හින්දු බැතිමතුන් දැඩි ශ්‍රද්ධාවෙන් ඉමහත් හරසරින් සමරනු ලබන මහා ශිව රාත්‍රීය අදට ‌(08) යෙදී තිබෙනවා. එදින රාත්‍රිය පුරා නොනිදා අවදිව සිට පුද පූජාවන් සිදු කිරීම හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.

එලෙස සිදු කිරීමෙන් ආනිසංස රැසක් ලැබෙන බවටයි ඔවුන් විශ්වාස කරන්නේ. ශිව රාත්‍රිය සමඟ බැඳුණු විශාල ජනප්‍රවාදය රැසක් හින්දු සාහිත්‍යයට ඇතුළත්.

එකිනෙකා අතර සාමය, සමගිය, සමානාත්මතාව වර්ධනය කර ගැනීමට යොමු කිරීම ද මෙහි අරමුණයි.

ශිව දෙවියන්ගේ බිරිය වන අම්බාල් දේවියට ප්‍රිය වූ රාත්‍රි නවය නව රාත්‍රි වන බවත් ශිව දෙවියන්ට ප්‍රිය වූ එක් රාත්‍රිය ශිව රාත්‍රිය වගත් හින්දු පත පොතෙහි එයි.

ලෝකයේ තෙවැනි තැනෙහිලා වැඩිම බැතිමතුන් පිරිසක් විසින් මෙලොව පැරණිතම ආගම ලෙස සැලකෙන හින්දු ආගම අදහති. බිලියනයකට අධික ජනතාවක් ඒ අතර වෙයි.

ක්‍රිස්තු පූර්ව 200 - 300 අතර පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඇසුරෙන් ද හින්දු ඇදහිලි විශ්වාස පිළිබද සාක්ෂි හමු වී තිබේ.

SHIWA 1

මහා ශිව රාත්‍රි දිනය ශිව ලිංගය නම් පූජනීය වස්තුවට පුද පිළිවෙත් කිරීම වටා ගෙතෙයි. ලිංග යනු සංකේතයයි.

ඒ අනුව ශිව ලිංගය යනු ශිව දෙවියන්ගේ සංකේතයයි. ශිව ලිංගය ලොව පහළ වූ දිනය මහා ශිව රාත්‍රි දිනය යනු තවත් මතයකි.

වායු පුරාණය, කර්ම පුරාණය, ශිව පුරාණය වැනි ග්‍රන්ථවල මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත්ය. එමෙන්ම, ලෝකයේ ප්‍රධාන ශිෂ්ටාචාර බොහොමයක් ගොඩනැඟී ඇත්තේ ගංගා, නිම්න ආශ්‍රිතවය.

ඉන්දීය සින්දු ගංගා නිම්නය ආශ්‍රිතව ගොඩනැඟුණු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඊට උදාහරණයකි. මොහෙන්දෙජාරෝ සහ හරප්පා නගර කේන්ද්‍ර කොට ගෙන වැඩුණු එම දියුණු ශිෂ්ටාචාරය තුළ ශිව දෙවියන් ඇදහීමට අදාළ වග තුග හමු වෙයි.

SHIWA 2

කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය වූ ඉන්දු නිම්නයේ ආදි වැසියෝ සශ්‍රිකත්වය පතා ශිව දෙවියන්ට පූජා පැවැත්වූ වග වාර්තා වේ.

එසේම, ඒකායන දහමක් සේම එක් ශාස්තෘවරයකු දක්නට නොලැබීමත් මෙහි කැපී පෙනෙන්නක් වශයෙන් සැලකේ.

ඒ කෙසේ වෙතත්, හින්දු ආගමට අනුව මහ දෙවියන් ලෙස සැලකෙන්නේ ශිවය.

වාර්ෂිකව මහ දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන උත්සවයකි, මහා ශිව රාත්‍රිය. ඊට නියමිත එක් දිනයක් නොවුණ ද වාර්ෂිකව පෙබරවාරි හෝ මාර්තුවේදී මහා ශිව රාත්‍රි දිනය සමරනු ලබයි.

දිනක් පුරා එදින ලෝකවාසි හින්දු ජනතාව උපවාස කරමින් විවිධ වෘත සමාදන් වෙමින් මේ උළෙල සමරයි.

SHIWA 3

ශිව දෙවියන් වෙනුවෙන් කැප වී ආශිර්වාද ලබා ගනිමින් ශිව දෙවියන් සතුටු කරමින් එදින ගත කිරීමට හින්දුහු වග බලා ගනිති.

අනෙක් බොහෝ ආගම්, දර්ශනවලට වඩා මහා ශිව රාත්‍රිය ඇදහීමට අදාළ වත්පිළිවෙත් වෙනස්ය.

එනම් රාත්‍රියේදී බොහෝ විට එම වතාවත් සිදු කෙරෙන බැවිනි. ආගමික සාකච්ඡා, ආගමික නාට්‍ය රඟදැක්වීම්, භක්ති ගීත වැනි වැඩ සටහන් එහිලා පැවැත්වේ.

පසුදා උදෑසන පොංගල් නමැති විශේෂ බත් වර්ගයක් පිළියෙල කොට ශිව දෙවියන්ට පූජා කිරීම දක්නට පුළුවන.

අනතුරුව ශිව දෙවියන් ද පාර්වතී හෙවත් ශක්ති දෙවඟන ද වන්දනා කොට ඉන් අනතුරුව එළවළු මිශ්‍ර බතක් ආහාරයට ගැනීම මෙහි සිරිතකි.

SHIWA 4

බ්‍රහ්ම මැවූ ලෝකයේ ධර්මය සහ සියලු ශිල්ප ශාස්ත්‍රාදිය පහළ කිරීමත් බ්‍රහ්ම සතු කාර්යයක් ලෙස සැලකේ.

තවද බ්‍රහ්ම මැවූ ලෝකයේ ධර්මය හා සියලු ශිල්ප ශාස්ත්‍රාදිය වර්ධනය කිරීමත් විනාශ කළ යුතු දේ වනසා දැමීමත් විෂ්ණු දෙවිදු විසින් කෙරෙතැයි පිළිගැනේ.

මේ සියලු වතාවත් පුරමින් ලොවට යහපත ප්‍රාර්ථනා කරමින් අද මෙරට හින්දු බැතිමත්හුද එම වතාවත්වල නිරතව සිටිති.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us