සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු ඊයේ (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබේ.

ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(

මෙවර ශ්‍රී පාද වන්දනාවේදී එක පඩිපෙළක වැඩි පිරිසක් එකවර රැඳී නොසිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්‌යේෂණායතනය සිරිපා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ld add copy

Connet With Us