කොළඹ තීරණාත්මකයි ! ජලය තවත් දින 20කට පමණයි !

Published in පුවත්
Thursday, 02 April 2026 15:44

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උණුසුම් කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ යමින් පවතින බවය.

මේ වනවිට රට තුළ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සහ ජල පරිභෝජනය ඉහළයෑම හේතුවෙන් පානීය ජලය නිෂ්පාදනය කිරීම ඉදිරියේදී යම් සීමා කිරීමක් කිරීමට සිදුවෙන බවද ඒ මහතා පැවසීය.

මේ අතර ලබුගම ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 50කට පමණක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

"ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනය නොලැබී යන්නම ඉඩ තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණා. මේකත් එක්ක අපිට ජල නිෂ්පාදනය ක්‍රමානුකූලව සීමා වෙමින් පවතිනවා. උත්සව සමයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ජල පරිභෝජනය තවත් ඉහළ යන්න පුළුවන් කියලා.

ආරෝග්‍ය ශාලා, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ ආයතන පවත්වාගෙන යාමට නම් ජල සම්පාදනය අනිවාර්යයෙන්ම පවත්වගෙන යන්න ඕනේ. කාර්මික අවශ්‍යතාවයන් සඳහා ජල සම්පාදනය කරන්න අවශ්‍යයි. මේවාත් එක්ක ඉදිරි කාලයේදී ජල සම්පාදනය යම් ගැටලුකාරී තත්ත්වයකට එන්න පුළුවන්.

අපේ ජල මූලාශ්‍ර බොහෝ වෙලාවට තියෙන්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ. ජල සම්පාදන මණ්ඩලය යටතේ පවතින්නේ සීමිත ප්‍රමාණයක්. මේ වෙද්දී ජල මූලාශ්‍රවල ධාරිතාවන්වල අඩුවක් තිබෙනවා. ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනයක් ලැබුණේ නැත්නම් තවදුරටත් නරක තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා.

මේ තත්ත්වය තත්ත්වය කළමනාකරණය කරගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. මේ සඳහා අපි අප්‍රේල් 20 දක්වා වෙනකම් යම් ජල කළමනාකරණය යටතේ ජල සම්පාදනය කරන්න සිදුවෙනවා.

මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ, ඇති වෙන්න පුළුවන් නරකම තත්ත්වය කල්පනා කරලා. කලටුවාව ජලාශයේ දින 20කට වගේ පමණයි ජලය ඉතුරු වෙලා තියෙන්නේ. දැන් තියෙන ධාරිතාව අනුව නිෂ්පාදනය කළොත්, යම් සීමා කිරීමකට යන්න වෙනවා.

උණුසුම් කාලගුණයත් එක්ක ජල පරිභෝජනය ඉහළ යමින් තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක ජල නිෂ්පාදනය සීමා කිරීමට වෙනවා. කලටුවාව වගේ ජලාශයේ පවතින ධාරිතාවයෙන් නිෂ්පාදනය කළොත්, දින 20කට තමයි ප්‍රමාණවත් වෙන්නේ. නිෂ්පාදන ධාරිතාව අඩු කරලා දින 30කට හෝ 40කට එම ජල ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. වැසි ලැබුණොත්, අපිට මේ තත්ත්වය වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us