ලෝක ගැටුම්වලින් අපට එල්ල වන බලපෑම රජය සාර්ථකව කළමනාකරණය කරද්දි රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක වැඩවර්ජන සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ පිලිකුල් සහගත අදහසක් බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අගහරුවා දිනයේ ද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා.
ඒ අනුව ඔවුන් අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 48ක වර්ජනයක් යළි ක්‍රියාත්මක කරනවා.
මේ වර්ජනය හේතුවෙන් ඇතැම් රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වුව ද ඇතැම් රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.
පානදුර මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.
ඇතැම් රෝගීන් වර්ජකයන්ට දැඩි විරෝධයක් දක්වනවා.
වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක වුව ද හිගුරක්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.
එම රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනය පසෙක දමා අසරණ රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙනවා.
හිගුරක්ගොඩ රෝහලේ බාහිර රෝගී අංශය හා සායනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා.

