සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පවසා සිටියි.

සයිබර් ආරක්‍ෂාව සහ සමාජ මාධ්‍ය ආරක්ෂාකාරීව භාවිතය පිළිබඳ පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය පියවර ගෙන තිබේ.

හෙට (21) යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇත.

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබේ.

ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 5 - 10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ld add copy

Connet With Us