ජනාධිපති රනිල්ගේ නිවැරදි නායකත්වය කඩා වැටුණු රට යළි ගොඩනගන්න පිටිවහලක් වුණා Featured

Published in පුවත්
Thursday, 20 June 2024 13:04

සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පවසා සිටියි.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන සහනදායී වැඩපිළිවෙළ අඩාල කර පළපුරුද්දක් නොමැති පාර්ශ්වයක් වෙත භාරදී රට නැවතත් අගාධයට ගෙන යනවා ද නැද්ද යන්න ජනතාව නිවැරදිව සිතා බලා තීරණය කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“සෑම අංශයකින්ම වැටී තිබූ රට යළි ගොඩගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයක් ලෙස වගකීමෙන් යුතුව කටයුතු කළා.

රටේ ආහාර හිඟයක් පැවති අවස්ථාවක අප අමාත්‍යංශය වගකීමෙන් කටයුතු කිරීම නිසා එම අවධානම මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වයෙන් යුතුව අමාත්‍ය මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව රට අර්බුදයෙන් ගොඩ ගැනීමට කැපවීමෙන් කටයුතු කළා.

ඒ වගේම නීති පද්ධතිය යළි සකස් කිරීම සඳහා අවශ්‍ය අණපනත් රැසක් සම්මත කරමින් රට නිසි මඟට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

එසේම දූෂණ චංචා නැවැත්වීමට සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත එළඹුණා.

මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර සහාය අවශ්‍ය ආකාරයට ලැබුණු නිසා බව පැවසිය යුතුයි.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මෙන්ම සබඳතාවයන් ද ඉතා වැදගත් වුණා.

එමෙන්ම කොරෝනා වසංගතය නිසා ලෝකයේ රටවල් රැසක ආර්ථිකය බිඳ වැටුණා.

ඇතැම් රටවල්වලට එම තත්ත්වයෙන් මිදීම සඳහා තවමත් හැකි වී නැහැ.

නමුත් අප වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉන් මිදී රට නිවැරදි මාවතකට ගෙන යාමට හැකි වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අපගේ මිත්‍ර රටවල් දැක්වූ සහයෝගය නිසා ඉන්ධන, විදුලිය ඇතුළු අර්බුදවලින් මිදී පෝලිම් යුගය අවසන් කිරීමට හැකියාව ලැබුණා.

එහි ප්‍රතිලාභය බුක්ති විදීමට මේ වන විට ජනතාවට හැකි වී තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ඉලක්ක කරමින් විපක්ෂයේ ඇතැමුන් රටේ සංවර්ධන ක්‍රියාදාමය අඩාල කිරීමට සහ කඩාකප්පල් කිරීමට විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටිනවා.

ඒ නිසා රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා පළපුරුද්දක් නැති පාර්ශ්වයන්ට අවස්ථාව ලබා දී රට යළි අගාධයට ඇද දමනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාව නිවැරදිව සිතා බලා ක්‍රියා කළ යුතු බව ද පැවසිය යුතුයි.

Last modified on Thursday, 20 June 2024 13:07

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us