අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (11) පැවසීය.

නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ.

විදුහල්පතිවරුන්ට සන්නිවේදන හා ප්‍රවාහන දීමනාවන් ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියි

 කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර  අද (11) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි. 

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ඊයේ (10) ගාල්ල, කරන්දෙණියේ දී ජනපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කර තිබේ.

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

ld add copy

Connet With Us