දිවයිනේ සියලු පාසල්වලට මාර්තු මාසයේ සිට දිවා අහාරය නොමිලේ ලබාදෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසු ව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ හදවත් රෝගියෙකුට ලබා දුන් ආහාර වල පණුවෙක් සිට ඇති බවට වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වන ආකාරය දක්නට ලැබේ.

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

කැතේ ෆැසිපික් ගුවන් සේවාව යලි ගුවන් ගමන් මෙහෙයුම් සක්‍රීය කර තිබේ.

උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී  විවෘත කර තිබේ.

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබේ.

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us