ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වේ.

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණි.

හෙලිකොහෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රහිසි ගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අද දින (21) ඔහුගේ උපන් බිම වන මෂාඩ්හීදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉන්දුනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අතර නිල හමුවක් පවත්වා තිබේ.

පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (21) අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

නිරත දිග මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ld add copy

Latest News

Connet With Us