ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව ද වාර්තාවේ. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබෙ.

ගෝලීය බුදු දහම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී  තිබේ.

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි
වාර්තා වේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ld add copy

Connet With Us