ෂැංග්‍රිලා හෝටලයට සින්නක්කර ඉඩම් දෙන්න පුලුවන් උනා නම්, මට මේ රටේ ජනතාවට ඉඩම් දෙන්න බැරි ඇයි ?

Published in පුවත්
Monday, 15 July 2024 10:48

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, පාර්ලින්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.
ඊට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හතරක් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ලබාදීම සහ අභිනවයෙන් ඉදිකළ මහියංගනය මහජන ක්‍රීඩාංගනයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා
වැඩදුරටත් මෙසේද පැවසිය.


උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක්. නමුත් අධිකරණයෙන් එය නවතා දැමුවා. මම කටයුතු කළේ මේ රටේ ඉඩම් සංවර්ධන ආඥ පනතට අනුවයි. ඉඩම් සංවර්ධන ආඥා පනත සකස් කළේ මගේ සීයා වන සී.එල් වික්‍රමසිංහ මහතායි. එතුමා එවකට උතුරු මැද පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළා.
එවකට ඩී.එස්. සේනානායක මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අනුරාධපුරයේ පැරණි වැව් නිරීක්ෂණය කිරීමට පැමිණියා. ඇතැම් වැව් ප්‍රතිසංස්කරණ කර තිබූ අතර පරාක්‍රම සමුද්‍රය ඇතුළු අනෙක් ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට තිබුණා. ඉන්පසුව තමයි එම ප්‍රදේශයේ ජනතාව පදිංචි කරවීමට අවධානය යොමු කළේ.
මේ අතර ඩී.එස්. සේනානායක මැතිතුමා, මගේ සීයා වන සී.එල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නා අපි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් අලුත් දෙපාර්තමේන්තුවක් ඇති කරනවා ඇවිල්ලා එය භාරගන්න කියලා. ඒ වගේම ඊට අවශ්‍ය නීති සකස් කරන ලෙසද දන්වා තිබෙනවා. ඒ අනුව එතුමා එම නීති සකස් කර එය සම්මත කරගෙන පළමු ඉඩම් සංවර්ධන කොමසාරිස් ලෙස පත්ව, මෙම ප්‍රදේශයට ජනතාව ගෙනවිත් පදිංචි කළා. තෙත් කලාපයේ ඉඩම් නොමැති ජනතාව මෙම ප්‍රදේශවල පදිංචි කර ගම්මාන ඇති කර තෙත් කලාපයේ ගම්මාන මෙන්ම එම ගම්මාන ද දියුණු කිරීම එහි අරමුණ වුණා. එම වැඩකටයුතු වෙනුවෙන් තමයි මෙම නීතිය සකස් කළේ.

එතුමාගේ ලිපි ගොනු කියවු විට එක ප්‍රශ්නයක් තිබුණා. එදා ලංකාවේ බොහෝ දෙනෙකුට ලිවීමට, කියවීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා විවිධ පිරිස් පැමිණ එම ජනතාව එක එක ගිවිසුම්වලට ඇතුළත් කර ණය ලබාදී ඉඩම් අල්ලා ගැනීමට ගන්න උත්සාහ කළා. ඒ හේතුව නිසා ඉඩම් බලපත්‍ර ක්‍රමය ඇති කළා.
එම 1935 වසර සහ අද අතර විශාල වෙනසක් තිබෙනවා. අද ඉතා හොද අධ්‍යාපනයක් ලැබු උපාධිධාරින්, වෛද්‍යවරුන්, නීතිඥයන් ඇතුළු උගතුන් මේ රටේ සෑම පවුලකම සිටිනවා. ඒ නිසා අද එවන් තත්ත්වයක් ඇති වන්නේ නැහැ. නමුත් එදා ජනතාව එවන් දැනුමක් තිබුණේ නැති නිසා ඊට ඉඩක් තිබුණා.
මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන විට අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. නමුත් වසර 10-15ක් ගතවීමෙන් පසු එය අවශ්‍ය වුණේ නැහැ. ඒ ජනතාව ඉඩම් ටික ආරක්ෂා කරගත්තා. එම ජනතාව ඉඩම් විකුණන්නේ නැහැ කියලා මම විශ්වාස කළා. නමුත් එදා ජනතාව මෙම ඉඩම් අයිතිය අපේක්ෂා කළා. ඒ අනුව ඉඩම් සංවර්ධන පනත යටතේ මෙම ඉඩම් ලබාදීමට අලුත් නීතියක් අවශ්‍ය වුණා. එම නීති කෙටුම්පත මම ඉදිරිපත් කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එවන් නීතියක් සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කළා.
එදා අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කිරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් ඊට පසු විදේශ ආයෝජකයන්ට සින්නකර ඉඩම් ලබා දුන්නා. ඉඩම් ආඥා පනත යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයට රජයේ ඉඩම් දෙන්න පුළුවන් වුණා නම් ජනාධිපතිවරයා ලෙස ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න ඇයි මට බැරි කියා අහන්න කැමතියි.
ඇතැම් අය කිව්වා මීට විරුද්ධව අධිකරණයට යයි කියලා. නමුත් අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නෙවෙයි, පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම සෑමවිටම සිටිනවා.
මට කණගාටු මීට වසර 20කට පෙර ක්‍රියාත්මක කළ හැකිව තිබු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම පිළිබඳවයි. දැන් අප ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබා දෙනවා. මම මේ ප්‍රදේශයට පළමු වරට පැමිණියේ වසර 60කට පෙරයි. එදා මේ පළාත ඝන කැළැවක්ව තිබුණා. නැවත 1978 වසරේ ගාමිණි දිසානායක ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් සමඟ මෙහි පැමිණ උළුහිටිය ව්‍යාපෘතිය ආරම්භ කළා. අද මම පැමිණ සිටින්නේ උළුහිටියෙන් පැමිණි සියලුදෙනාට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහායි. මෙය ඔබේ අයිතියයි. මේක රජයට අයත් දෙයක් නොවයි. කොත්මලේ ජලාශය හදන්න එදා එම ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට ගත්තා. ඒ වගේම තෙල්දෙණිය ජලාශය හදන්න ද ඉඩම් පවරා ගත්තා. එම ජනතාවද මෙම ප්‍රදේශවලට එව්වා. මේ ඔබට අයත් ඉඩම්. එම අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් අද මෙම සින්නකර ඔප්පු ලබාදිමට කටයුතු කර තිබෙනවා. මෙය ඔබේ දියුණුවේ ආරම්භය බවට පත් කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම රජය සකසා දෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි.


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව තෝරා ගැනීම පිළිබඳව සතුටට පත්වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින්නේ සමාජ අසාධාරණයට ලක්වූ ජනතාවක්.
ලෝක ඉතිහාසය පුරා අරගල ඇති වුණේ භූමිය අත්පත් කර ගැනීමේ හේතුන් නිසයි. වත්මන් ජනාධිපතිතුමා එදා රට දුෂ්කර තත්ත්වයක පැවති අවස්ථාවේ විශාල වගකීමක් බාරගත්තා. එතුමා නව සංකල්ප රැසක් රටට ඉදිරිපත් කළේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නොවෙයි. එතුමා දේශපාලනය පසෙකට දමා රට වෙනුවෙන් අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගත්තා. රටට ණය නැති, බය නැති නායකයෙක් අවශ්‍යයි. එතුමා භාරගත් අභියෝගය නිසියාකාරව ඉටුකළ නායකයෙක්. කඩා වැටුණු රටේ ආර්ථිකය ස්ථාවර කළා. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, ඉන්ධන ලබා දුන්නා. එවන් වූ අධිෂ්ඨානශීලී වැඩ කොටසක් ඉටු කළ රටට ණය නැති, බය නැති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා
ජනාධිපතිතුමා එදා බාරගත් අභියෝගය සුළුපටු එකක් නොවෙයි. එතුමා රටේ ජනතාව කෙලින් සිටුවන්න, රට නැවත ගොඩනගන්න තීන්දුව ගත්තේ තනිවම බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ නාමය යළි ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට එතුමා කටයුතු කළා.
අර්බුදය හමුවේ මහියංගනය ජනතාව ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නැහැ. ගොවි ජනතාව ඉල්ලුවේ පොහොර සහ ඉන්ධන පමණයි. අද ඔබට ලැබෙන මෙම ඉඩම් ඔප්පුව සුළුපටු එකක් නොවෙයි. මෙය ඔබට ලැබුණු උරුමයක්. පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යා යුතු ඔප්පුවක්. ඔබට අයිති උරුමය ලබාදිය යුතු නිසයි මේ වැඩසටහන උරුමය නමින් නම් කරනු ලැබුවේ. මෙය දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහනක් නොවෙයි. මේ වැඩසටහන සඳහා දේශපාලනය එක් කර නොගන්නා ලෙස මා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් ජනතාවට අසාධාරණයක් සිදු වෙනවා.


රජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා
රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් භාර ගනු ලැබුවේ ගිනිබත් වූ රටක්. එතුමාගේ නිවස පවා ගිනි තැබුවා. එවන් වූ රටක ඉඩම් ඔප්පු ලබාදීම නොව, ජනතාවට අවශ්‍ය ආහාර ටිකවත් සපයා ගැනීමට නොහැකි වුණා.
කවුරු මොනවා කිව්වත් මේ රටේ නැවත ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ජනතාව අද ඒ තීරණය ගෙන අවසන්. මේ රටේ දේශපාලනය වෙනස් කළේ ඌව වෙල්ලස්සේ ජනතාව බව කිව යුතුයි. එනිසා කිසිවෙකුට ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වළක්වන්න බැහැ.


රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා
අද බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉතා සතුටුදායක දවසක්. වසර ගණනාවක් තිස්සේ ජනතාව තුළ තිබු බලාපොරොත්තුවක් ඉටු වූ දිනයක්.
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක වූ වැඩසටහනක්. එය යථාර්ථයක් බවට පත්කරමින් දඹුලු පුරවරයෙන් පළමු වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. මේ වැඩසටහන තුළින් බදුල්ල දිස්ත්‍රික්කයේ හැට හය දහසකට වැඩි පිරිසකට සින්නක්කර ඔප්පු ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් බදුල්ලේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාට අපගේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම මහවැලි සී කලාපයේ ඉඩම් බලපත්‍රයක්වත් නොමැති පවුල් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Image 2024 07 15 at 10.29.29 db93ad73

WhatsApp Image 2024 07 15 at 10.29.29 6e6020dc

WhatsApp Image 2024 07 15 at 10.29.29 d8502de6

WhatsApp Image 2024 07 15 at 10.29.29 ad7c9100

Last modified on Monday, 15 July 2024 13:06

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us