මුදල් විශුද්ධිකරණයටත් ,ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළක්වීමටත් පොලිසියෙන් අලුත් වැඩක්

Published in පුවත්
Thursday, 11 July 2024 09:56

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වාලීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සමග එකඟතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමග මේ වනවිටත් එකඟතා ගිවිසුම්වලට එළඹ ඇති බව වාර්තා විය.

ශ්‍රි ලංකා රේගුව සමග ද ඊයේ (10) දිනයේදී එකඟතා ගිවිසුමකට එළඹ තිබුණි.

මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි පොලීසිය මගින් සිදුකරන ලබන විමර්ශනවලට අවශ්‍ය තොරතුරු පහසුවෙන් හුවමාරු කරගැනීම සඳහා අනෝන්‍ය එකඟතාවයන්ට පැමිණීම මෙහි අරමුණය.

මෙමගින් දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් විමර්ශන සඳහා තොරතුරු ලබාගැනීමේ දී පැවති ප්‍රමාදවීම් අවම වන බවත් අදාළ විෂයයන් සම්බන්ධව මනා පලපුරුද්දක් ඇති නිලධාරී කණ්ඩායමක් සම්බන්ධ කරගැනීමෙන් එම කටයුතු කාර්යක්ෂමව ඉටුකර ගැනීමට හැකියාව පවතින බවත් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us