මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාව

Published in පුවත්
Thursday, 11 July 2024 09:23

වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට  වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  පෙන්වා දෙයි.


මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබේ.


කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  හා වතු සමාගම් අතර ඊයේ (10) දින එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.


වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරේ මැයි පළවැනිදා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කෙරිණි. එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට එළළඹී කටයුතු කරන ලෙස දැනුම් දී තිබිණි.
ඒ අනුව දෙපාර්ශ්වය අතර අද දිනයේ ඇති වූ එකඟතාවය මෙරට වතු කම්කරුවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.


මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍ය මනූෂ නානායක්කාර 


"මේ මොහොතේ වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට නොහැකියාවක් පවතින සමාගම් තිබෙන්නේ නම් විශේෂයෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලුවක් පවතින නිසා එවැනි වතු සමාගම්වලට මෙයට පෙර කැබිනට් මණ්ඩලය ගත් තීන්දු අනුව පත් කරන ලද කමිටු තීරණ අනුව අලුතින් සකස් කරන ලද නීතිරීති හරහා ඔවුන්ගේ බදු ගිවිසුම් පත්‍ර අවලංගු කර දැනට වැටුප් ගෙවීමට හැකියාවක් පවතින කාර්යක්ෂමව පවත්වාගෙන යන වතු සඳහා ඔවුන්ගේ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමටත් එම වතුවල දීර්ඝ කාලීන ආයෝජනයන් සිදුකිරීමටත් තීරණය කෙරුණා. දැනට තිබෙන කෙටි කාලීන බදු ගිවිසුම් කාලය දීර්ඝ කර ඉදිරියට තව දුරටත් දීර්ඝකාලීන බදු ගිවිසුම් සඳහා ඔවුන් සමග එකඟව කටයුතු කිරීමට අවශ්‍ය කරන නීති රීති සකස් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව අනුව තවදුරටත් එය කඩිනම් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරුණා.
සේවකයන්ට සරිලන වැටුප් ගෙවීමට නොහැකි වතු සමාගම්
සිටී නම් ඔවුන්ගේ බදු ගිවිසුම් අවලංගු කිරීමටත් එමෙන්ම නිවැරදි ආකාරයෙන් ගෙවන වතු සමාගම් සිටී නම් එම සමාගම්වල බදු ගිවිසුම් කාලය වඩා දීර්ඝ කාලයක් සඳහා ගිවිසුම් ගත වීම සඳහාත් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුවේ නීති වහා ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. දැනට වැටුප් වැඩි කිරීම සඳහා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදන, නෛතික කරුණු සම්බන්ධව විමසීමක් කර ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.
අධිකරණයත් අපට යම් දැනුම් දීමක් කර තිබුණා අගෝස්තු මාසය වන විට මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ යම් තීන්දුවක් ගන්නා ලෙස ඒ අනුව අද රජයේ සහ පෞද්ගලික සියලු වතු සමාගම්වලට ආරාධනා කළා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට. ඒ අනුව අපි වතු සමාගම්වලින් ඉල්ලීමක් කළා මේ අවම මූලික වැටුප මේ මාසයේ සිටම ගෙවීමට ආරම්භ කරන ලෙස. එමෙන්ම ඵලදායීතාව මත පදනම්ව ඔවුන්ගේ දිරි දීමනා ලබා දෙන ලෙසත් එහිදී ඉල්ලීමක් කළා. වතු සමාගම් 09ක් අද දිනයේ එයට එකඟ වුණා. දෛනික දීමනාව මේ මාසයේ සිට ගෙවීමටත් ඔවුන්ගේ ඉපයීම් මත පදනම්ව ලබා දීමට යෝජිත දීමනාවටත් මෙහිදී බොහෝ වතු සමාගම් එකඟ වුණා."


ඵලදායීතාව මත පදනම්ව නියමිත මුදලට වැඩි දීමනාවක් ලබා ගැනීමට හැකි බවද එම වතු සමාගම් මෙහිදී පෙන්වා දුන් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කී අතර මෙය මෙරට වතුකම්කරු ප්‍රජාව ලැබූ ඉහළ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක් වූ අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එයට එක් විය.

Last modified on Thursday, 11 July 2024 09:27

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us