විදුහල්පතිවරුන්ට වාසියක්

Published in පුවත්
Thursday, 11 July 2024 13:01

විදුහල්පතිවරුන්ට සන්නිවේදන හා ප්‍රවාහන දීමනාවන් ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියි

වැටුප්, දීමනා පිළිබඳව විදුහල්පතිවරුන් සිදුකරන උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ අධ්‍යාපන ලේකම්වරිය සහ මහා භාණ්ඩාගාරය එක්ව එම තීරණය ගනු ලබන බවත් විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබූ බවත්, එමෙන්ම විදුහල්පතිවරුන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් කමිටුව ඔස්සේ සෙසු දීමනා සමග සසඳා බලා විසඳුමක් ලබා දෙන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ, පාසල් පද්ධති තුළ විදුහල්පතිවරුන් 16,000ක් සිටිය යුතු වුවත් , තමන් අමාතය ධූරය බාරගන්නා විට 9000ක විදුහල්පතිවරුන් පිරිසක් පමණක් සිටි බවත් පසුව 4000කට වැඩි පිරිසකට විදුහල්පති පත්වීම් ලබාදී පාසල් පවත්වාගෙන යෑමට පියවර ගත් බවත්ය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us